පුංචි ඡන්දෙටත් තුන්කොන් සටනක්. 

එස්.බි.දිස්සනයක ඇමති තුමා යලිත් සිය හඩ අවදිකරනු ලැබඇත. පසුගිය දවසක මහනුවර පැත්තේ පැවති ජනහමුවකදී එතුමා ප්‍රකාශ කලේ ඉදිරි පළාත්පාලන මැතිවරණයේ දී හිටපු  ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයේන් ඉවත්වී සිටිය යුතු බවය .එය එක්සත් ජනතා නිදහස් සන්දානයේ ජයග්‍රහණයසදහා අත්‍යාවශ්‍ය බවය .පසුගිය පාර්ලිමේන්තු මහමැතිවරන්යේ දී සන්දානයට ජයග්‍රහණයකිරීමට නොහැකිවුවේ මහින්දරාජපක්ෂ මහතගේ ඉදිරිපත්වීම නිසා යැය්ද ඒ මහතා ඒහිදී ප්‍රකාශකර සිටියේය .

                 දිසානායක මහතා ගේ තර්කය ඉතා පැහැදිලිය . පසුගිය මැතිවරණයේ දී මෙන්ම ,එලබෙන පළාත්පාලන ආයතන මැතිවරණයේදී ද සන්ධානය දෙකට බෙදී තරග කළහොත් ඒ .ජ.ප .යට වැඩි වැසි අත්වන බව පැහැදිලිය .

            එස්.බි ඇමති තුමාගේ කතාවෙන් තවත් දෙයක් පැහැදිලි  වෙයි .එනම් ශ්‍රී .ල. නි. ප .යේ හා සන්දාන  යේ බෙදීම තවමත් නිමාවට පත්වී නොමැති බවය .එය පාර්ලිමේන්තු වේ සන්දාන මන්ත්‍රීවරුන්ගේ හැසිරීම තුලින් ද එය පැහැදිලිවේ .එමෙන්ම මහින්ද හිතවාදීන් පසුගියදා කොළඹ  දී පැවැත්වූ  රැස්වීමෙන් ද පැහැදිලිය.එම රැස්වීමට  පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 40 ක් පමණ සහභාගිවූ බව වාර්තාවේ .

                  වාසුදේව නානායක්කාර ,දිනේෂ් ගුනවර්දන ,විමල් වීරවංස  ආදී පිරිසක් එහි මූලිකත්වය ගෙන කටයුතු කරනු ලෑබිය .මහින්ද හිතවාදීන් තව දුරටත් පසුගිය මැතිවරණයේ දී රග දක්වූ භූමිකාවේම  ඉතිරි කොටස රග දෙක්විමට සු දා නම් වන අකාරය දක් නට  ලෑබේ .එස් .බි .ඇමති තුමාගේ ප්‍රකාශයත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රී තුමාගේ ප්‍රකාශයත් සැල කිල්ලට ගත විට නිදහස් සන්දානය ඉදිරි යේ දී නටන්නට යන ජවූසම කුමක් ද යන්න පැහැදිලිය .

හඩ ජාකොබ්ගේය ..අත  ඊසොප් ගෙය ...

යැයී  කියමනක් තිබේ .එස් .බි .ඇමැති තුමාගේ හඩ පසු පසින් සිටින්නේ කව්රුන්ද ..එය  ඉතා පැහැදිලිය .අනිවාර්යයෙන්ම ජනාදිපති සිරිසේන මහතා ,එම ප්‍රකාශයෙන් සතටු වනවා ඇතී. දිනේශ්ලා  ගේ හඩ පසුපස සිටින්නේ කව්රුන්ද යන්නත් නොරහසකි .පැහැදිලි ලෙසම මහින්ද රාජපක්ෂ මහතා එහි සිටි. එදා ජනාදිපති මැතිවරණය හා  පාර්ලිමේන්තු මැතිවරණයෙදී මතු පිට  පැවති අරගලය අද සිතල යුද්ද යක් බවට පත්වී තිබේ .බල අරගලය දී දැන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියන් සිටි .

                   රනිල් වික‍්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ට සන්දානය සමග හව්ලේ ආණඩු වක් පිහිටුවීමට පදනම සලස්වමින් මහින්ද රාජපක්ෂට එරෙහි  පළමු ප්‍රහාරය එල්ලකරනු ලැබිය .මැතිවරණයේ දී  පරාජයට පත්වූ මෛත්‍රි වාදීන් යලි ජාතික ලයීස්තුවෙන් මැතිසබයට ගෙනවිත් ,ඇමැති දුර පිරනමා ,දෙවන ප්‍රහාරය එල්ල කළේය .ප්‍රබල මහින්ද හිතවාදීන් ආණ්ඩුවට ගෙන ,ඇමැතිකම් දී පාර්ලිමේන්තු වේ බහුතරය තහවුර කරගෙන ,රාජපක්ෂමහතාට යලි නැගිටිමට පැවති සියලුම අවස්ථා අහුරනු ලැබිය .අගමැතිදූරයට පැමිනිම තබා ,විපක්ෂ නායකදුරයට පැමිනීමේ මග අවහිර කරනු ලෑබීය  .දන් පාර්ලිමේන්තුව තුල රාජපක්ෂ මහතා සන්සුන්ව සිටි .තමන් වෙනුවෙන් සටන් කරන අනුගාමිකයන් කැලී කැපෙන තරමට පහර කත් දී ත් නිහඩවසිටි .පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී හය්බ්‍රිඩ් උසාවි පිළිබද උණුසුම් විවාදයක් පැවති අවස්ථාවේද ,වීරවංශ මන්ත්‍රී වරයාගේ ප්‍රකාශයකට එරහිව ලෂ්මන් කිරිඇල්ල ඇමති වරයා විසින් මහින්ද රාජපක්ෂමහතා විමසුවිට ,එතුමාගේ  මුනිවත රැකීමේ පිල්වෙතින් එය පහැදිලිවිය .

                  දැන් ජනාදීපති තුමාගේ අවශ්‍ය තාවය පැහැදිලිය .ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හ සන්දානය යලිත් බලවත් ස්ථනයකටත්  ජයග්‍රහණ මාවතකට ගැනිමත්ය .ඊට  ඇති බධාව රාජපක්ෂ භූමිකාවය .සාමාන්‍යා ශ්‍රී ලංකා නිදහස් පාක්ශිකයා  තවමත් ජනාදිපති තුමාට හිතවත් නැත .පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී සන්ධානය පරාජය කිරීමේ වගකීම ඔවුන් විසින් පවරා  තිබෙන්නේ ජනාදිපතිවරයා  වෙතය .එලේස කල්පනා කිරීම සදහා ඔවුන්ට හේතු තිබේ .ඒවා ඔබ දනී .පසුගිය දිනක පාර්ලිම්න්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඒ බව ජනාදිපතිතුමා ගේ මුනටම ප්‍රකාශ කල බව වාර්තා විය .තවමත් එම උණුසුම පවතී .වාසු, විමල්, දිනේෂ් ඇතුලු  මහින්ද හිතවාදීන් ජනහමු  පවත්වමින් තවදුරටත් මහින්ද සමග නැගිටිමට වෙර දරමින් සිටි .

            මෙබදු පසුබිමක් තුල රාජපක්ෂ භූමිකාවේ නව ස්වරුපය කුමක් වියහැකිද ? එතුමා දෙලොවක් අතර අතරමන් වී ඇතිබව දක්නට ඇත .රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව රාජපක්ෂ මහතාට සැනසිල්ලේ සිටීමට ඉඩ සලස්වා ඇති බවක් දකිනට තිබේ .එතුමත්, සහෝදරයනුත් ,පුත්‍රයනුත් ,ආදීන් වෙත බරපතල චෝදනා එල්ලවී තිබුනද ඒවා ගැන පරීක්ෂණ මන්දගාමිය. එය වූ කලි වක්‍ර සහයගය දීමකි .ඇව්න්ගර්ඩ් සිද්දිය බලන්න .ඊට බරපතල චෝදනා නැති බව නීතිපති විසින් අදිකරණයට පෙන්වාදෙනු ලෑබිය .මේ අනුව බලන විට සන්ධානයේ බෙදීමක් පවත්වා ගෙනයා මේ හේතුව අනාවරණය කරගත හැ කිය .මෙම තත්වය  අනුව පෙනී යන්නේ එන පළාත් පාලන මැතිවරනයටත්  තුන් කොන් සටනක් හැදෙන බවය.

--- Man Unknown ---