Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

රැකියාව සහ පෞරුෂය

රැකියාවට පෞරුෂය.....

නුතන මිනිසා තම ජිවන ගමනේ ගාමක බලවේගය ලෙස තම රැකියාව හදුන්වා දෙනු නියතය. නමුත් නුතන සමාජය තුල රැකියාව සහ පෞරුශය අතර පවතින්නාවූ සම්බන්දතාව පිළිබද දන්නා පිරිස සුළු ප්‍රමාණයකි . අද වන විට ලාංකීය තරුණ ප්‍රජාව රැකියා සොයා ගිය නමුදු තමන් හට හිමි ස්ථානයහි වැඩි කාලයක් රැදී නොසිටින්නේ ඔවුන්ගේ පෞරුෂ ක්‍රියාකාරකම්  හා රැකියාව අතර නොගැලපීම නිසාවෙනි.මේ හේතුව නිසාවෙන්  අද වන විට රැකියා ආයතන වලට බදවා ගැනීමේදී රැකියාවට වඩාත් ගැලපෙන පෞරුශ සහිත පුද්ගලයන් තෝරා ගැනීමට උත්සුක වෙති. පෞරුෂ යනු කාලයක් තිස්සේ යම් පුද්ගලයකු පවත්වාගෙන ආ ඔහුටම අවේණික චරිත සොබාවයන්ටය.  එසේ බදවා ගන්නා සේවකයන්ගේ පෞරුශ තක්සේරු කිරීම සදහා විවිධ  ක්‍රමවේදයන් යොදාගනු ලබයි.සම්මුක පරීක්ෂණ,කොන්ත්රාත් පදනම මත බදවා ගැනීම,පරිවාස කාලයකට යටත් කිරීම අදිය පෙන්වා දිය හැක.

ආයතන වලට සේවකයන් බදවා ගැනීමේදී පෞරුෂ ගති ලක්ෂණ කෙරෙහි සැලකිලි මත්වේ. මනෝවිද්‍යා පර්ක්ෂකයන් පවසන ආකාරයට පුද්ගලයා හා රැකියාව අතර ඇති ගැලපීම  ඉහල යත්ම සේවක සතුටද ඉහල යන බවයි. විශේෂයෙන් බොහෝ රැකියාවලට අවශ්‍ය වන පුද්ගල  පෞරුශ කිහිපයකි.

01.        නිවැරදි තීරණ ගැනීමේ හැකියාව.

02.        මනා පුද්ගල අන්තර් සම්බන්දතා පවත්වාගෙන යාමේ හැකියාව.

03.        ඉවසීම.

04.        ප්‍රියමනාප බව.

05.        මිත්‍රශීලී  බව.

06.        ස්වාදීනව වැඩ කිරීමේ හැකියාව.

07.        වගකීම් දැරීමේ හැකියාව.

08.        කළමනාකරණ හැකියාව.

09.        නායකත්වය දැරීමේ හැකියව.

යන්නයි.එක් එක් පුද්ගලයට අදාල රැකියාව කොතරම් හොදින් සාර්ථක කරනවාද යන්න තීරණය කිරීමට පෞරුෂ  ගුණාංගයන්ගෙන් ලැබෙන දායකත්වය අතිමහත්ය.

එබැවින් තම ආයතනයකටම සේවකයන් බදවා ගැනීමේදී රැකියාවේ ස්බාවය  අනුව පෞරුශ ගති ලක්ෂණ සහිත පුද්ගලයන් බදවගැනිමේදී උනන්දු වේ. එය ආයතන දියුණුවටත් සේවකයාටත් යහපතක් ඉටුකරයි.වැඩ පරිසරය තුල ඊට නොගැලපෙන සේවකයන් නිරන්තර ආතතියකින් යුක්ත වේ. එය ආයතනික යහ පැවැත්මට බදාවකි.           

ස්ත්‍රී ,පුරුෂ භාවය අනුවද රැකියා රුචිකත්වයෙහි වෙනසක් දක්නට ලැබේ.මෙලෙස යම් පුද්ගලයකුට තමන් සතු පුද්ගල පෞරුෂ ගුණාංගයන් හදුනාගනිමින් රැකියාවක් තෝරා ගන්නේනම් එම රැකියාව තමන්ට මෙන්ම සමාජ සුභසාදනයට හා රටේ සංවර්දනයටද ඉවහල් වනු ඇති සිතමි.

සුරංග සමරකෝන්.