Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

Seethala Yuddayaka Unusuma

ජනාධිපති තුමාගේ පෙරේදා කතාව ගැන ජනමාධ්‍යතුලින් ඉහලම පතිචාර ලැබී තිබෙනවා .ස්වාධින කොමිෂන් සභා හරියට වැඩකරන්නේ නැහැ කියන එක එතුමාගේ එක චෝදනාවක් .මුල්‍ය විමර්ශන කොට්ටාශයේ වැඩ කටයුතු එතුමාගේ දැඩි විවේචනයට ලක්වුනා .අත්අඩංගුවට ගත් ඇය ගැනත් දැඩිව කතා කළා ..දැන් මේ කතාව මේ රටේ පුරවැසියන් තුල ලොකු ප්‍රශ්නයක ඇති කරනවා .මුල්‍ය විමර්ශන කොට්ට්ටාශය වගේ ඒවා දේශපාලන න්‍යාය පත්‍ර වල උවමනාවට වැඩකරන බවයි එතුමා පවසන්නේ .දැන් පේනවා ජනාධි පති ඉක්මවා අගමැති ක්‍රියාත්මක වෙන බව . මේක අගමැති හා ජනාධිපති අතර පවතින සිතල යුද්ධය උණුසුම් තත්වයකට පෙරලීමක් ලෙසයි පෙනීයන්නේ .මේවගේ තත්වයක් ආවම චන්ද්‍රකා ජනාධිපති රනිල්ගේ ආණ්ඩුව විසුරුවා හරිනු ලැබුවා දැන්  එහෙම කරන්න බෑ .අවුරුදු හතර හමාරක් යනකන් ආණ්ඩුව විසුරුවා හරින්න බෑ .ඒ නිසා මේ අර්බුධය දේසපාලන වශයෙන්ම විසදා ගන්න වෙනවා ..ජනාධිපති මේක ජනතාවට කිව්වට දැන් ඉතින් ජනතාවට ඒ ගැන කරන්න දෙයක් නැහැ .

.පසුගිය දවස් වල තුර්කියේ මේවගේ දෙයක් සිද්ධ වුනා ආන්ධුවට විරුද්ධව කුමන්ත්‍රණයක් ආවම ජනාධිපති වරයා කෙලින්ම ජනතාවට කිව්වා පාරට බැහැල ආණ්ඩුව බේරාගන්න කියල .. නමුත් මෙතන එහෙම තත්වයක් නැහැ .මෙහෙ තියෙන්නේ යහපාලනය . ඒගැන පුරුද්දක් නොතිබුන ජනතාවට එහෙම පුරුද්දක් ඇතිකර ගන්න කියල කියල දුන්නෙත් එතුමන්ලා විසින් මයි .දැන් යහ පාලනය කොතරම් දුරට අවුල්ද කියන එක පෙනෙනවා ..මේ ආණ්ඩුව  ගිය ආණ්ඩුවට වඩා ගොඩක් දුරට වෙනස් වෙයි කියල බුද්ධිමත් කොට්ටාශ විසින්  බලාපොරොත්තු වුනේ නැහැ ..සාමාන්‍ය ජනයා එහෙම දෙයක් බලාපොරොත්තු වුනාට .නමුත් බුද්ධිමත් කොටස් බලාපොරොත්තු වුන දෙයක් තිබෙනවා . එක තමයි ස්වාධින කොමොෂන් සභා පිහිටෙව්වම ස්වාධින ,කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ඇතිවෙයි කියල ..එක වෙන්නේ නැති බව තමයි ජනාධිපති කියන්නේ ..ඒවා දේශපාලන අතකොලු බවට පත්වෙලා කිව්වම ..ජනාධිපති හැරෙන්න දේශපාලන බලයක් තිබෙන්නේ අගමැතිට .එහෙමනම් අගමැතිට ඕනි විදිහට මේවා මෙහෙයවනවා කියන එකද මේ කියන්නේ යන්න ප්‍රශ්නයක් .

හොරු ඇල්ලීම මේ ආණ්ඩුවෙන් ජනතාව බලාපොරෝත්තුවුන දෙයක් ..එතකොට මේ අල්ලපු අය හොරු නෙමෙයිද .එහෙනම් කවුද හොරු ..මේවා ප්‍රශ්න .දැන් ජනාධිපති හිටපු ආරක්ෂක ලේකම් පවා ආරක්ෂා කරන්න යනවද කියන එක ජනතාව මතුකරන ප්‍රශ්නයක් .එහෙම බැලුවම මේක දේශපාලන බල අරගලේ ප්‍රකාශනයක් වගේ පෙනෙනවා .

අගමැති වරයා විසින් Fcid එක රාජපක්ෂවරු නැටවීමට භාවිතා කරන බව බොහෝ දෙනා විසින් විශ්වාස කරන කරුණක් ..රාජපක්ෂලව මෙහෙයවල ශ්‍රීලනිපය දෙකට කැඩුවාම තමන් ගොඩයන බව ඔහු දන්නවා ..එහෙම වුනොත් ශ්‍රීලනිපය අනාථවනබව පැහැදිලියි .එකෙන් බේරෙන්න රාජපක්ෂලා හෝදන්න ජනාධිපති ඉදිරිපත් වෙනවානම්  එකත් වැටෙන්නේ රාජ්‍ය ආයතන දේශපාලන අවභාවිතයටමයි .

මේ සිතල යුද්ධය තුල බලවත් පක්ෂ දෙකේ දේශපාලන ආපෙක්ෂා මිස රටේ සාමාන්‍ය මිනිසාගේ අපේක්ෂා එලියට එන බවක් පෙනෙන්න නැහැ .