Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

Saranagathayan

සරනාගතයෝ

Refugees

ජාත්‍ය්‍යන්තර  සරණාගතයින් පිළිබඳ ප්‍රශ්නය අද වෙනදාටත්  වඩා  ජනතාව  අතර කතා බහට   ලක්වෙමින් පවතී. දෙවන ලෝක යුදුධයෙන් පසුව මතුවී තිබෙන විශාලතම සරණාගත ප්‍රශ්ණය මෙයයි. හංගේරියානු දේශසීමාව හරහා සංක්‍රමණය වීමට උත්සහ කළ ජන කණ්ඩායම්වලට එරෙහිව එම රාජ්‍යයන්හි පොලීසිය ක්‍රියා කළ ආකාරය දැඩි විවේචනයට ලක්ව තිබේ.   මාධ්‍යවේකු විසින් එල්ල කරන ලද පා පහරකින් සරණාගතයෙකු බිම ඇද හැලෙන  ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්ථා කලේය. ඊටත් වඩා සංවේදී සිද්ධිය වූයේ මෙස සරණාගතයින් ලෙස පැමිණි අයෙකුගේ දරුවෙකු මිය යාමය.  ඒ පිළීබඳව දර්ශනරූපවාහිනී තිරයන්හිදී දිස්විය. මෙම සිද්ධිය සරනාගතයින් තම රටවලට වද්දා නොගැනීමේ දැඩි තීරණයක පසු වූ දේශපාලන නායකයන් ගේ සිත් වෙනස් කරලීමට හේතු විය. හංගේරියාව චෙකොස්ලෝවනියාව වැනි රටවලට ඇතුල්වන මෙම දහස් සංඛ්‍යාත වූ සරනාගතයින්ගේ  අවසාන ඉලක්කය වී තිබේ ජර්මනියයි.

යුරෝපා රාජ්‍යයන් වෙත සංක්‍රමණය වෙමින් සිටින මෙම සරනාගතයන්ගෙන්  බහුතරය පැමිෙණන්නේ සිරියාව හා ඇෆ්ගනිස්තානයෙනි. සිරියාවේ පවතින ජන සංහාර යුද්ධයෙන් ඇෆ්ගනිස්තානයෞ සිදුවන ත්‍රස්තවාදී  ක්‍රියා  හේතුවෙන් අවතැන්වන  Displaced Person  මෙස තුර්කියට පැමිණ තුර්කියේ සිට නැගෙනහිර දෙසින් හංගේරියාව හරහා හෝ ග්‍රීසියට පැමිණ ඉතාලිය හරහා හෝ සංක්‍රමණය වීමේ මාර්ග සකසාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ අපටද සංක්‍රමනිකයන් පිළිබඳ ප්‍රශ්නයක් ඇතත් ඒ පිළිබඳව කිසිවෙකුටත් සිහිකල්පනාව නැති තරම්ය. ලංකාවේ රූපවාහිනී තිරවල නිතර ප්‍රචාරය වන  “ඕස්ට්‍රේලියාවට නැව් මගින්  එන්න එපා”  යන ප්‍රශ්නය ශ්‍රී ලාංකික සරනාගතයින් පිළිබඳ ප්‍රශ්නයේ ෙඛ්දනීය සංකේතයකි. ලංකාවේ ජනවාර්ගික අර්බුදය හ්තුවෙන් උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනයා කැනඩාව, අමරිකාව, ජර්මනිය ඇතුලු යුරෝපා රටවලට සංක්‍රමණය විය. අසල්වැසි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පමණක් කදවුරු112 ක ශ්‍රී ලාංකික සරනාගතයන් 69000 ක් දෙනා ජීවත් වෙති. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින්  මිනිසුන් සිය මව් රට අතහැර වෙනත් රටවලට රැකවරනය පතා යෑමේ ක්‍රියාවලිය සරනාගත ප්‍රශ්නයට හේතු වේ.

“දේශසීමාවක් හරහා රැකවරණය පතා වෙන රටකට සංක්‍රමණය වන තැනැත්තා ‘සරනාගතයා’ Refugees ලෙස හැදින්වේ.”

ජිනීවා සම්මුතියට අනුව Refugees අර්ථ දක්වා ඇත්තේ “ජන වර්ගය, ආගම, ජාතිකත්වය, කිසියම් දේශපාලන හෝ සමාජමතවාදී කණ්ඩායමක සාමාජිකත්වය යනාදී කුමක් හෝ නිසා තම රටේදී ජීවත් වීමට අවධානම් සහගත ක්‍භියාත්මක භාවය  නිසා නිසා රැකවරණය සඳහා රටකින් රටකට පැමිෙණන පුද්ගලයා  හෝ පුද්ගලයෝය.

මෑත කාලයේ සරනාගත ප්‍රශ්නය වඩාත් අවධානයට යොමු වූයේ ඇෆ්ගනිස්තාන් අර්බුදය කේන්ද්‍ර කරගෙනය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇෆ්ගනිස්තානය සෝවියට් ආධිපත්‍යයට ගොදුරු වීමත් සමග අෆ්ගන් සරනාගතයන් යුරෝපය වෙත සංක්‍රමණය විය. ලොව විශාලතම සරනාගත  ප්‍රශ්නය මතුවූයේ දෙවන ලෝක යුද්ධයට ආසන්න සමයේදීය.  එනම් යුදෙව් සරනාගතයන් පිළිබඳ ප්‍රශ්නයයි.  ජර්මනියේ නාසි හමුදාවල කෘෘරතර සංහාරය හේවෙන් යුදෙව්වන් දහස් ගණනක් අමරිකාව හා වෙනත් යුරෝපා රටවලට සංක්‍රමණය විය.

මෑත කලෙයේ දී ලොව විශාලතම සරනාගතයන් සංඛ්‍යාවකට රැකවරණය සැලසීම වාර්ථා වූයේ මෙම වසරේ දීය. (2015).2015 පෙබරවාරි මාසයේ දී  තුර්කිය විසින් රැකවරණය ලබා දුන් සංඛ්‍යාව ලක්ෂ 17කි. පකිස්ථානය විසින් ඇෆ්ගන් සරනාගතයන් 16 ලක්ෂයකට රැකවරණය ලබා දී ඇත.

එක්සත් ජාතීන්ගේ ප්‍රත්ඥප්තිය (1.4.2.) වගන්තියට අනුව සරණාගතභාවය සඳහා අයදුම් කිරීමේ  අයිතිය පුද්ගලයා සතුව ඇත. එමෙන්ම සරණාගතයන් සඳහා රැකවරණය සැලසීමත් පහසුකම්  සැපයීමත් සෑම රාජ්‍යයක් විසින්ම සිදු කළ යුතුය.

1967 එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ නිර්වචන වලට අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රටවල සංසෝධන එක් විය.  ඒ අනුවයුධ බිය හා ප්‍රචන්ඩත්වය  හේවෙන් මව් රටෙන් පලා යන අයටද සරනාගතභාවයේ  අයිතිවාසිකම් හා රැකවරණය සලසා ගැනීමේ අයිතිය පිළිගනු ලැබේ. සරනාගතයන් යන්නට “අවතැන් වූ පුදුගලයන්”  Displaced Person   යන්ද ඇතුලත් විය.

පෘතුවි තලයේ  සෑම බිම්කඩක්ම සෑම පුද්ගලයෙකුටම හිමි විය යුතුය. එසේ උවද මිනිසා විසින් ඉතිහාසයේ කිසියම් දවසක මෙම ස්වභාවික අයිතිය පිළිබඳ මූලධර්මය උල්ලංඝණය කර භූමිය වෙත වැට කඩොලු දැමීමෙන් එම අයිතිය අහෝසිකර දමා  ඇත. සරණාගත ප්‍රශ්නය ආරම්භ වන්නේ එලෙස මහ පොළව එකිනෙක  ජනකොටස්වල  භුක්තිය වෙන් කර ගැනීමෙන් පසුවය.

ජෝන් ලොක්  නැමති බටහිර දේශපාපලන  චින්තකයා  ප්‍රකාශ කළ ආකාරයට අතීතයේ පොදු දේපළ භාවිතා කළ මිනිසුන්  අතර ආරවුල් නැති වූයේ මහපොෙළාව පෞද්ගලික  අයිතියට  ගැනීමේ ප්‍රථිඵලයක් ලෙසය. 

බුදුන්වහන්සේ  ගේ ප්‍රකට දේශනාවක් වන දීඝ නිකායේ අග්ගඤ සූත්‍රයේ  දැක්වෙන ආකාරයට අතීථයේදී සාමයෙන් හා සෞභාග්‍යයෙන්  යුතුව ජීවත් වූ ජනතාව අතර සමගිය ඇති වූයේ සරැ පොෙළාව තෘෂ්නාවෙන් යුතුව පෞද්ගලික අයිතියට ගැනීමත් සමගය.

කාල් මාක්ස්   සිය මූලික කෘතිවලින් ප්‍රකාශකොට ඇත්තේ  සමාජය තුළ පීඩාකාරී රාජ්‍යය හට ගන්නේ එතේක භාවිතා කළ පොදු දේපළ ක්‍රමය උල්ලංඝණය කොට පෞද්ගලික දේපළ පිහිටුවා ගැනීමෙන් පසුව බිහි වූ පංති අරගලය නිසාවෙනි.

පෙඩ්රික් එන්ගල්ස්  ප්‍රකාශ කළ ආකාරයට ජාතිය හා රාජ්‍ය ගොඩනැංවීමෙන් පසුව නිදහස් මිනිසාට සැරිසැරීමට තිබූ අයිතිය අහිමි විය. සරණාගතයන් බවට මිනිසුන් පත් වී තිබෙන්නේ  මිනිසාගේ නිදහසේ ජීවත්වීමේ  අයිතිය අහිමි වී යාම නිසාය.

ඉපැරණි සාහිත්‍යයේ සරනාගතයන් පිළිබඳව සටහන් බොා්මයක් තිබේ. පැරණි ඊජිප්තුව හා ග්‍රීක දේවස්ථානවල සරනාගතයින්ට රැකවරණය සැලසූ බවට සාක්ෂී තිබේ. ක්‍රිස්තුපූර්ව   600 දී  පමන එතල් බරත්  රජු King  Ethelberth  of King විසින් සංක්‍රමණිකයන්ට සරණාගත භාවය ඉල්ලීමේ අයිතිය නීති ගත කරන ලදී.  මධ්‍ය කාලීන යුගයේ යුරෝපය තුළ දීද ඊට සමාන නීති සකස් කරනු ලැබීය. කිසියම් රටකින් පිටුවහල් කරන්නන්ද තවත් රටකදී සරණාගතයන් බවට පත් වේ.

පැරණි ග්‍රීක නාට්‍ය තුළ එවැනි පිටුවහල් කිරීම්  පිළිබඳව සාකච්චා කරතිබේ. සොෆාලික්ස්ගේ  “ඊඩිපස්” හි සහ “ඇන්ටිගනී” යන නාට්‍ය තුළ එබන්දක් දක්නට ලැබේ. ඊඩිපස් රජු පිටුවහල් කිරීම එඩිපස් හිද ඇන්ටගනී  පිටුවහල් කිරීම ඇන්ටගනීහිද දක්නට ලැබේ. එමෙන්ම යුරෝපයේ  ප්‍රචලිත  පිටුවහල් කිරීම් කිහිපයක් ද වේ.ටොමිස් වෙත ඔව්ඩ් පිටුවහල් කිරීම  Ovid was sent to Tomis ද, වෝල ටෙයාර් එංගලන්තයට පිටුවහල් කිරීමද Voltaire  was sent  to  England  ප්‍රචලිත සිද්ධින්ය. කවර ආාරයෙන් සැලකිල්ලට ගත්තද කිසියම් පුද්ගලයෙකු තම මව් රට හැර දමා යන්නේ වේදනාත්මක අත්දැකීම් තුළින් බව ඉතා පැහැදිලි කරුණකි.

සරණාගතයන් පිළිබද මෑත ඉතිහාසය පරීක්ෂා කරන  විට 1880 ගණන්වල රුසියාවෙන්  සංක්‍රමණය වූ යුදෙව්වන් පිළිබද වාර්ථා වේ. 1881 සිට 1920 දක්වා කාලය තුලදී  මිලියන 2 ක් පමණ යුදෙව්වන් රුසියාවේන් පලා ගියේය.  1912-1913 කාලයේ සිදු වූ බෝල්කන් අර්බුධය හේතුවෙන් 800,000ක පමණ ප්‍රමාණයක් සංක්‍රමණය විය. පළමුවන ලෝක යුධ සමයේදී  සරණාගත ප්‍රශ්නය බලවත් සේ නැගී ආවේය.  1912 දී ජාතීන්ගේ සංගමයේ මූලිකත්වයෙන් “සරණාගතයන් පිළිබඳව පළමු ජාත්‍යන්තර සම්බනධිකරණ කාර්යාලය” පිහිටුවනු ලැබීය.  High  Commision for Refugees  (HCR).

1917  රුසියන් විප්ලවය  හේවෙන්  1,500,000ක් රුසියානුවෝ සරණාගතයන් බවට පත් විය. සමාජවාදයට බියෙන් පසු වූවන් සහ සමාජවාදයට විරුද්ධ වූවන් මේසේ පැන ගියේය. 1917-1921 දක්වා කාලය තුලදී  කොමියුනිස්ට් රජය යටතේ සිටීමට නොහැකි වූ බොහෝ  දෙනා  සරණාගතයන් සේ සංක්‍රමණය විය.

(මිනිසුන් යහපත් සමානාත්මතාවයට වඩා ව්‍යාජ ධනේශ්වරවාදී බලාපොරොත්තුවලට ගිජු වී ඇති තරම එයින් පෙනේ.)

1915 සිට 1923 දක්වා කාලයේදී ඇමේනියාවේ මහ ජන සංහාරයක් Armenian  Genocide සිදු            විය. එම  හේතුව නිසා දසදහසකට වඩා ඇමේනියානුවන් තුර්කියට සංක්‍රමණය විය. මෙම හේතුව නිසා අමරිකා රජය විසින් 1924 දී Immigration act නැමති පනත සම්මත කලේය.

සරණාගත පාස්පෝට් එක

සරණාගත භාවය ක්‍රමයෙන් ඉහල යනවිට ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමේ ගැටලුද වර්ධනය විය. නාසි ජර්මනියේ යුදෙව්වන් රටෙන් පැන ගන්නේ  ඇදිවතේන්  පමණිත කිසිදු ලියවිල්ලක් ඔවුන් සතුව නොවීය. මෙම තත්වය තේරුම් ගත් Nansen  කාරෟයාලය විසින් සරනාගතයින් සඳහා සංචාරක ලියවිල්ලක් Refugees Travel  Document 

හෙවත් පාස්පෝට් එකක් නිර්මාණය කලේය. එම  නැන්සන්     කාර්යාලය  නමින් හැදින්වේ 1930 දී ජාත්‍යන්තර සරණාගතයන් සඳහා වූ කාර්යාලයයි. Nansen  International Office for Refugees (Nansen Office)  යන්නයි. 1938 දී මෙම ක්‍රියාමාර්ගය නිසා ඔවුන්ට නොබෙල් සාම ත්‍යාගය  Nobel Peace Prize හිමි විය.

සරනාගත ප්‍රශ්නය ලොව කම්පා කරවන සුලු ස්වරූපයෙන් මතු වූයේ දෙවන ලෝක යුද්ධ සමයේදීය.  හිට්ලර්ගේ යුදෙව් විරෝධී ප්‍රතිපත්තිය හා උන්මාද ජර්මානු ජාතික වාදය ජර්මණියේ යුදෙව්වනට උන්හිටි තැන් අහිමි විය. දස දහස් ගණන් හිට්ලර්ගේ වදකාගාර වල කුරිරැ ගා.නයට හා වදහිංසා වලට ලක් විය. 1935 දී ජර්මණිය Reich citizen ship නීථය ගෙන ආවේය.  එමගින් යුදෙව්වන් ජර්මන් පුරවැසි භාවයෙන් නෙරපා හරිනු ලැබීය. ‍

1938 දී ජර්මනිය විස්න ඕස්ට්‍රියාව හා සුඩෙට්ලන්තය අෑදා ගනු ලැබීය. මේ නිසා චෙකොස්ලොවියාවේ අර්බුධ ඇති විය. චෙක් රාජ්‍යයෙන් පැමිණි සරණාගතයන්ගේ සංඛ්‍යාව 150,000 පමණ විය.  1933- 1939 අතර කාලයේදී   යුදෙව්වන් 200,000පමණ ප්‍රංශයට පළා ගියේය.  දෙවන ලෝක යුදධය අවසන් වන විට යුරෝපයේ සරනාගතයින්ගේ සංඛ්‍යාව  දස ලක්ෂ 40 ක් පමන විය. අවතැන් වූන් සඳහා යුරෝපා රටවල කඳවුරු D.P  Campus  (dispaced persons)  පිහිටුවීය.

සරනාගත ප්‍රශ්නය ජාත්‍යන්තර ප්‍රශ්ණයක් බවට පරිවර්ථනය වන විට එය පිළබඳ නොකුත් ආයතන හා විසදුම්  ගෙන අවේය. ඒවා අතිරින් වඩාත් ප්‍රචලිතම  ආයතනය නම්, “සරනාගතයින් සදහා වූ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයයි”  United  Nations  High Commissioner For  Refugees  (UNHCR)  

UNHCR  වල ගණන් බැලීම්වලට අනුව 2006 වර්ෂය වන විට ලොව පුරා විසිරී සිටි සරණාගතයින්ගේ සංඛ්‍යාව 8,400,000  විය. 1980 සිට වාර්ධා වූ සරණාගතයින් පිළිබද අවම සංඛ්‍යාව වේ. ඉන් 4,600  ක්ම පලස්තීන සරනාගතයන්ය.

අද ලොව පුරා සිටින සරණාගතයින් සංක්‍රමනිකයින් වර්ග කිහිපයකට අයත් වේ.

  • යුධ  සංක්‍රමනිකයින්          War  Refugees 
  • ආර්ථික  සංක්‍රමනකයින්     Economic  Refugees
  • පාරිසරික සංක්‍රමණකයින්   Enviromental  Refugees
  • බෝට්ටු සංක්‍රමනකයින්      Bot  People

මතු සම්බන්ධයි.............

Comments

Hmm is anyone else having problems with the pictures on this blog loading?
I'm trying to determine if its a problem on my end or if it's the blog.
Any responses would be greatly appreciated.

my page: fluorescent light covers - https://plus.google.com/b/114421375139209633352/+Decorativelightcovers/p...

I really like reading sites like this! Causes me to experience
a warm rewarding sensation and in addition educated! Many thanks so much!

Feel free to surf to my homepage watermelon.nu - Thelma - http://www.watermelon.nu/cgi-bin/bbs/aska.cgi/ ,

I have been riding motorcycles for the last 35 plus years and have gained much knowledge of operating, maintaining and enjoying the freedom of being a
biker. The biker organization is inviting all like-minded bikers from
across the US to join them in their ride. Dragon Haul
Z - You must complete the mission "Cash & Burn" to make this mission available for play.

Also visit my homepage :: đồ chơi kiểng cho xe máy - http://dochoixemay.com.vn

Our latest addition to the limousine fleet is the
7 passenger Cadillac Escalade. All since then, Indica is floating in the market with a regular sale.
Access Free Online Maps via Wi - Fi or 3G network, such as Google Map.

Look into my webpage: The Life of Desiigner Album Download - https://www.hotfreealbumdownload.com/the-life-of-desiigner-album-download/

Along with the car sales, the Japanese used car sellers also supply the dismantled parts of the vehicles in cube containers of size 20ft or 40 ft.
Be smart and savvy when negotiating the interest rate
for new cars and don't just sign on the bottom line.

00 per gallon, depending on market prices, but that is a good benchmark.

Feel free to visit my page ... 100% unprocessed virgin hair - http://www.chitownextensions.com