Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

Sthri

 

ස්ත්‍රී වාදය ශත වර්ෂ කිහිපයක් තිස්සේ වර්ධනයවූ සංකල්පයක් වුවද එහි බලපෑම අපේ රටවලට ලැබී ඇත්තේ ඉතා ස්වල්ප වශයෙනි .යුරෝපා රටවල කාන්තා විමුක්තිය කොතෙක් දුරට වර්ධනය වී තිබේද යන්න පැහැදිලිවන උද්ගෝෂණ කිහිපයක් යුරෝපා රටවල් පැවැත්වුනි .එනම් කාන්තාවන්ට උඩුකය නිරාවරණය කර සිටීමේ අයිතිය ඉල්ලා සිටීමයි .දැන් අපේ රටවල පවතින මානසිකත්වයෙන් බැලුවම මේක විකාර අදහසක් කියල හිතෙන්න පුළුවන් .අපි සහ ඔවුන් අතර පරතරය ඒ තරම් .නමුත් මේ කාන්තාවෝ මතුකරන තර්කයක් තිබෙනවා .ඒ තමයි පිරිම්න්ට උඩුකය නිරාවරණය කොට ගමන් බිමන් යන්න පුළුවන් ,එත් එම අයිතිය ගැහැනුන්ට නැත්තේ ඇයි යන්නයි .එකත් එක්තරා විකාරයක් විදිහට පෙනෙන්න පුළුවන් .නමුත් මේ ප්‍රශ්නය ඔවුන් විසින් මතුකලේ ඇමරිකාවේ එක්තරා නගරයක විදියක් දිගේ උඩුකයනිරාවරණය කොට ගමන් කල ගැහැණු ළමයි දෙන්නෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම නිසාය .එසේ යාම නීති විරෝදී ක්‍රියාවක් බවයි පොලිසිය පවසන්නේ .එවිට ඔවුන් පොලිසියෙන් ප්‍රශ්නකලේ එලෙස ගමන්කරන පිරිමින් අත්අඩංගුවට නොගන්නේ මන්ද යන්නයි .පිළිතුර පැහැදිලි එකකි .එය නීතිවිරෝදී නොවේ යන්නයි .දැන් එහෙම බැලුවම මෙතන අවුලක් තිබෙන බව කාටවුනත් තේරුම් යනවා .නිතිය ඉදිරියේ සමානාත්මතාවය නොමැතිවීම අපේ අයට ගැටළුවක් නොවුනාට ඔවුන්ට එක ප්‍රශ්නයක් .

ඔවුන් මෙහිදී මතුකරන එක ප්‍රශ්නයක් තමයි කාන්තාවගේ උඩුකය පමණක් කාමුක අංගයක් වන්නේ කෙසේද යන්නයි .මේක ටිකක් ගැබුරින් සලකා බලන්න වටිනා එකක් .වෙනස්ආකාරයේ සැලකිල්ලක් කාන්තාව වෙත දක්වන බව එයින් පැහැදිලි වෙනවා .අසමාන බව එතුල අන්තර්ගතව තිබෙනවා .අනික් අතට පිරිමින්ගේ කාමුක ආකල්ප ඒ තුලින් පෙනෙන බවයි ඔවුන්ගේ අදහස .මේ කාන්තාවන් ප්‍රදර්ශනය කල පෝස්ටරයක සදහන් කර තිබෙනවා ,නිරුවත්කම යනු කාමුකත්වය නොවන බව .දැන් මේක ලොකු ව්‍යාපාරයක් බවට පත්වෙලා තිබෙනවා .ඇමරිකා එක්සත්ජනපදයේ උඩුකය නිරාවරණය කල කාන්ත්වන්ගේ උද්ඝෝෂණපෙළක්ම මේ දිනවල පවත්වනවා .කැනඩාවේත් ඒවගේම උද්ඝෝෂණ තිබෙනවා .නැගෙනහිර යුරෝපා රටවලත් මේ තත්වය දකින්න පුළුවන් .දැන් ඉතින් යුරෝපා රටකට ගියොත් උඩුකය නිරුවත් කාන්තාවන්ගේ උද්ඝෝශ්න දකින්න පුළුවන් හැබයි ඉතින් අපේ රටවල වගේ ඒ දිහා කාමුක ඇසින් බලන්න ගියොත් ගුටිකන්න තමයි වෙන්නේ .අපිත් ඔවුනුත් අතර තිබෙන දුර එකයි .

මේක හුදෙක්ම උඩුකය නිරුවත් වීමේ උද්ඝෝෂනයක්ම නොවෙයි .සමාන අයිතිවාසිකම් පිලිබඳ ප්‍රශ්නයක් විදිහටයි ඉදිරියට යන්නේ .සමලිංගික විවාහයේ අයිතිය ඔවුන් දැනටමත් ලබාගෙනයි තිබෙන්නේ .කානතා විමුක්තිය යන්නට ගැබුරු අර්ථයක් තිබෙන බවයි මේ ව්‍යාපාරය විසින් පෙන්වාදෙන්නේ .

                                                                                                                        -ලකිති