Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

thani andu

මේ දිනවල තනි ආණ්ඩුවක් පිලිබදව සිහිනය දකින කට්ටියක් සිටි .ශ්‍රීලනිප යේ ආණ්ඩුවට සම්බන්ද අය මෙන්ම එජාපයට  සම්බන්ද අයත් මේ සිහිනය දකිමින් සිටි .තනි ආණ්ඩුවක් පිළිබද සිහිනය දකින තවත් පිරිසක් සිටි එනම් මහින්ද රාජපක්ෂ ප්‍රමුක ඒකාබද්ධ විපක්ෂයේ අයයි.මේ හැමදෙනාම ආණ්ඩුව තුල ඇතිවන කිසියම් අර්බුදයක් ඔස්සේ තම සිහිනය සැබෑකර ගැනීම වෙර දරමින් සිටින බව පෙනීයයි .පාලිත තෙවරප්පෙරුම අමාත්‍ය වරයගේ කතාපුවත එපිලිබදව වැදගත් ඉගියක් දක්වයි .ආණ්ඩු පක්ෂයේ අමාත්‍ය වරයෙකුට ගෙල වළදා ගැනීමට සිදුවුයේ තම පළාතේ ළමයින් පාසලකට ඇතුලත් කරවා ගැනීමට නොහැකිවූ හෙයිනි .අමතිවරයෙකුටත් එසේනම් සාමාන්‍ය කෙනෙකුට ළමයෙක් ඉස්කූලෙකට ගැනීම ලොකු ප්‍රශනයක් වනු ඇත.නමුත් මේවා ජාතික ප්‍රතිපත්ති නම් ,හැම විටම සාදාරනවම කෙරේනම් ඉතා හොදය .කෙසේ නමුත් ඇතැම් අමාත්‍ය වරුන්ට කසිම දෙයක් කරගැනීමට නොහැකිවෙමෙන් කනස්සල්ලට පත්ව සිටින ආකාරයක් දකින්නට ලැබේ .එබදු මන්ත්‍රීවරු එකතු කරගෙන තනි ශ්‍රීලනිප ආණ්ඩුවක් හැදීමට දරන උත්සහයක් පිලිබදව මේ දිනවල අසන්නට ලැබේ .යහපාලන ආණ්ඩුව ප්‍රදාන පක්ෂ දෙකක සහජීවනයෙන් පවත්වාගෙන යන්නෙකි දෙගොල්ලන්ට සහජීවනයේ මුලධර්ම අමතක වීම සිදුවේ .එබදු අවස්ථාවල දකිනු ලබන්නේ තනි ආණ්ඩුවක් පිළිබද සිහිනයි .

එජාපයේ අයත් මේ සිහිනයම දකිමින් සිටි .ඇමතිකම් නොලැබුන මන්ත්‍රීවරු ,ලැබූ  ඇමතිකම් වලින් සෑහීමකට පත් නොවූ මන්ත්‍රීවරුන් ආදී බොහෝ දෙනෙක් සිටි .මේ අය එජාපයට් එක්කරගෙන තනි එජාප ආණ්ඩුවක් හැදීමට උත්සාහ දන්නා බව දකින්නට ලැබේ .පහුගිය ආණ්ඩුවේ සිටි දුෂණ වලට සම්මබන්ද චෝදනාවල ලක්වුවන්ද මෙසේ ගොදුරුකර ගැනීමට හැකිය .

මහින්ද රාජපක්ෂ ප්‍රමුක ඒකාබද්ධ විපක්ෂය බැසිල් රාජපක්ෂගේ නායකත්වය යටතේ අලුත් පක්ෂයක් ලෙස එන්න උත්සහ කලත් එම ප්‍රයත්නය වැලකිගියේ ,මහින්ද රාජපක්ෂ වෙනත් යෝජනාවක් ගෙනෙම නිසාය .එනම් පාද යාත්‍රා සංවිදානය කිරීමය .ආණ්ඩුවට විරුද්ධව රටපුරා පාගමන් යාම එහි තේරුමයි .ඒකාබද්ධ විපක්ෂයේ වර්ධනයන් අනිවාර්යයෙන්ම වාසි සහගත වනුයේ එජාපයටය .එබැවින් එය වැලැක්වීම සදහා ජනාධිපතිවරයා විවිද ක්‍රියාමාර්ග ගනු ලබයි .හදිස්සියේම නාමල් රාජපක්ෂඇත අඩංගුවට පත්වුයේ එබදු පසුබිමක් තුලය .මෙය පාද යාත්‍රා අඩපනකිරීමට හේතුවිය හැකිය .මෙට පෙරද රාජපක්ෂ මහතා අඩියක් පෙරට තැබූ හැමවිට අඩි දෙකක්ම ආපස්සට ගනු ලැබිය .