Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

ගල්බොඩ ඇල්ළේ සොදුරු නිමේෂය ....

සන්නසඅපි,අද ඔබව කැන්දාගෙන යන්නේ මිහිපිට ඇති අපේම සොදුරු ස්ථානයකට. ඒ තමයි,ගල්බොඩ ඇල්ල .මනස්කාන්ත දිය ඇල්ලක් සහ ඊටම නොදෙවෙනි සුන්දර පරිසර පද්ධතියක් මෙහි දකින්නට හැකියි.දහසක් ප්‍රශ්නවලින්  දැවී සිටින කෙනෙකු මේ සොදුරු නිමේෂයේදී සුවපත් වෙනු නොඅනුමානය.මේ ගමනේ තවත් විශේෂත්වයක් තිබේ .එනම් මෙහි පැමිණිය හැක්කේ දුම්රියෙන් පමණක් වීමය.තේ වතු ,කදු- හෙල්,දිය-කඩිති ,මඩ-කඩිති පසුකර යායුතු මග බාධක සහිතය.දුෂ්කරය එහෙත් ඉතා සුන්දරය.වියදම් අඩු ,සතුට වැඩි ගමනක්.

වැඩිදුර කියවන්න ....


ලොව විශාලම සෙල් පිළිමය බලන්න යමු ..........

අකම්පිත ගල්කුළක් භාවත්මක නිර්මාණයක් බවට පත්කරලීමේ හැකියව අපේ කළා කරුවාට අතීතයේ සිටම පැවතුණි.එවැනි විශ්මිත නිර්මාණයක් සොයා සන්නස අපි මොනරාගලට ගියෙමු.මේ මොණරාගල පිහිටා  තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රක්කයේ.දොඩම්ගස්ලන්ද ආසනයේ රිදිගමට ආසන්නයේ මය.රම්බඩගල්ල  ප්‍රදේශයේ ඇති මොණරාගල පන්සල ආශ්‍රිතව ලොව විශාලම ශිලාමය බුද්ධ ප්‍රතිමාව නිමවා ඇත.

ආපේ  ගමන ආරම්බවුයේ කුරුණෑගල සිටයි.නුවර පාරේ මද දුරක් ගියවිට මල්ලවපිටිය හන්දිය හමුවෙනවා.එතෙනින් වමට හැරි කැප්පෙටිගල මාර්ගයේන්  රිදිගමට පැමිනිය යුතුයි.උතරු ,උතුරුමැද පළාත්වල අයට මාතලේ,දොඩන්ගස්ලන්ද හරහා රිදිගමට එන්න පුළුවන් .රිදීගම සිට කැප්පෙටිගල පාරේ මද දුරක් ගියවිට මොණරාගල විහාරයට පැමිණිය හැකියි.මෙය මනස්කාන්ත පරිසරයක් තුලින් යන ගමනක් .ඒ නිසා වටපිට සිරි නරබන්න අමතක කරන්න එපා.තවමත් නාගරීකරණයට හසුනොවූ සුන්දර ග්‍රාමීය පරිසරයක ආස්වාදය විදගාගන්න හැකියි.

වැඩිදුර කියවන්න..........


ඡයාරූප-අසංක වන්නිනායක

ලෝකයේ කොහෙවත්ම දක්නට  නැති ඉතාම සුන්දර ස්ථානයකි ,රිවර්ස්ටන් .ලංකාවට පැමිනි යුරෝපීයයන් මේ ප්‍රදේශයට ගියවිට ඔවුනට බටහිර රටකට නැවත ගියබවක් දෑණි ඇත .ඒ නිසා ඔවුන් මේ ප්‍රදේශයට rewesternයන නම තබා තිබේ .ඉංග්‍රීසීන් විසින් මෙම නම හදුන්වා දුන්නද ඒප්‍රදේශ්යට ආවේනික නම් තිබේ .ඉලුක්කුබුර ,වැ නි නම් භාවිතා කර අත. මීමුරේ ,නාමිණිඔය ,බකමුණ වැනි ප්‍රදේශ යාබදව පිහිටා තිබේ.වර්ල්ඩ්ස් එන්ඩ් ,අඹේවල ඇතුළු හෝර්ටන් තන්න ප්‍රදේශයේ ඇති දේශගුණයට මෙය බෙහෙවින්ම සමානය.පතන් ,හෙල් කදු ආදියට අමතරව ඉලුක්කුබුර ප්‍රදේශයේ ඇති ගඟ ඉතා මනහරය.දිය ඇලි හා,ස්වභාවික තටාක ,පද්ධතියකින් යුත් මේ ගඟ ස්ව්භාවධර්මයේ මනස්කාන්ත නිර්මාණයකි.එය ලක්බිමේ මිනුසුන්ට ලැබි ඇති අනගි තිළිණයකි.

වැඩිදුර කියවන්නන........