එක්සත් ජාතීන්ගේ සංවිධානය ...

1945 ඔක්තොම්බර් 24 වැනිදා ලෝක රාජ්‍ය නායකයන් විසින් එක්සත් ජාතීන්ගේසංවිධානය පිහිටුවා ගැනීමේ ප්‍රත්ඥාප්තියට අත්සන් තැබිය.එතැන් සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය නිලවශයෙන් ප්‍රකාශයට පත්විය.ගතවූ වසර ගන්නාවතුල මෙය ලෝක සංවිධානයක තත්වයට ක්‍රමයෙන් පත්විය.මෙහි ජයග්‍රහණ සහ පසුබෑම් පිළිබධව විවරණය කෙරෙන ලිපි පෙළක ආරම්භය මෙයයි.

20 වෙනි සියවසේ ලෝක සාමය ගිලිහි ගිය සුවිශේෂ අවස්ථා දෙකකි. එනම්

            -පළමුවෙනි  ලෝක සංග්‍රාමය  1914-1918

            -දෙවන ලෝක සංග්‍රාමය  1939-1945

පළමු වැනි ලෝක සංග්‍රාමයෙන් පසුව ලෝක සාමය පවත්වා ගැනීමේ අරමුණෙන් 1919 දී ජාතීන්ගේ සංගමය league of nations පිහිටුවා ගනු ලැබිය .නමුත් ලෝක සාමය ආරක්ෂා කර ගැනිමට හෝ යුද්ධයෙන් බිදවැටුන යුරෝපා රටවල ආර්ථිකය යලි ගොඩනැංවීමට එය සමත් නොවිය.එහි නියත ප්‍රතථිපලය වුයේ දෙවැනි ලෝක යුද්ධයක්  ඇතිවීමය .1939 යේ සැප්තැම්බර්මස පළමු වෙනිදා  නාසි  ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලෙර් ගේ හමුදාව විසින් පෝලන්තය ආක්‍රමණය කළේය.මේ කෘරතර ආක්‍රමණය දෙවැනි ලෝක යුද්ධයේ ආරම්භය විය.පෝලන්තයේ මිනිස් ජිවිත් හය ලක්ෂයක් විනාශකරමින්ආරම්භ වූ යුද්ධයෙන්විනාශ වූ  මින්ස් ජිවිත සංක්‍යාව අපමණය.රුසියානුවන්ට කොටි දෙකක ජිවිත අහිම්විය .යුදෙවන් මිලියන 3ක් විනාෂ කරදමනු ලැබිය.ජපානයේ හිරෝෂිම හා නාගසාකි වලට හෙලන ලද පරමාණු බෝම්බ වලින්  මියගිය සන්ක්‍යාව පමණක් ලක්ෂයකට අදිකවිය.මෙම ලෝක යුද්ධය මුළු ලොවම කම්පාකරනු ලැබිය.මෙවන් ව්‍යසනයක් කිසිදිනෙක කිසිවෙකුට නොවේව යන්න කාගේත් පැතුම විය.

1943 දී බලවත් රාජ්‍යයන් තුනක නායකයන් තිදෙනෙකුගේ හමුවීමක් සිදුවුයේ  මෙබදු පසුබිමක් තුලය.

                                    -ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩි.රූස්වෙල්ට්-ඇමරිකා එක්සත් ජනපදය

                                    -අගමැති  වින්සන්ට් චර්චිල් -බ්‍රිතාන්‍යය

                                    - සභාපති ජෝසෆ් ස්ටර්ලින් -සෝවියට් රුසියාව 

මෙම නායකයන්ගේ සාකච්ඡා වල ප්‍රතිපලයක් ලෙස ,1945 දී ඇමරිකාවේ සැන්ෆ්රන්සිස්කෝ  නුවරට රටවල් 50 ක නියෝජිතයන් එක්විය.ඔවුන්ගේ අරමුණ වුයේ ,එක්සත් ජාතීන්ගේ ප් ප්‍රඥප්තිය සම්පාදනය කිරීමයි .එ සදහා 1944 දී එක්සත් ජනපදයේ ඩම්බාටන් හිදී පවතී  අන්තර් ජාතික සංවිධානය පිළිබද සමුළුවේදී  සකසන ලද යෝජනා පදනම් කරගනු ලැබිය.1945 ජුනි 26 වැනිදා රාජ්‍යයන් 50 ක නියෝජිතයන් ප්‍රඥප්තිය ට අත්සන් තැබිය.පසුව පොලන්තයද ඊට අත්සන් කළේය .ඔක්තොබෙර් 24 දා චීනය සෝවියට් රුසියාව ,බ්‍රිතාන්‍ය,ඇමරිකාව හා සෙසු රාජ්‍යයන්  ඊට අත්සන් තැබිය .එබැවින් ඔක්තොබෙර් 24 නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ දිනය ලෙස පිළිගැනේ.

                එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය

            සාමාජික රාජ්‍යයන්ගේ අයිතිවාසිකම් හා වගකීම් නිනිශ්චය කරන්නා වූත් එක්සත් ජාතීන්ගේ අවයව හා ක්‍රියාපටිපාටින් ස්ථාපනය කරන්නා වුත් ප්‍රඥප්තිය සංවිධානයේ ව්‍යවස්ථාමය ලේඛනයයි .අන්තර් ජාතික ගිවිසුමක් වන ප්‍රඥප්තිය රාජ්‍යයන්ගේ ස්වෛරී භාවය සමානාත්මතාවයෙන් පටන් ගෙන අන්තර් ජාතික සබදතා වලදී බලය යෙදවීම තහනම් කිරීම දක්වා විහිදෙන අන්තර් ජාතික සබදතා පිළිබද ප්‍රධාන මුලධර්ම සංග්‍රහ කරයි.

            පරමාර්ථ සහ මුලධර්ම-

ප්‍රඥප්තියේ  සදහන් කොට ඇති පරිදි එක්සත් ජාතීන්ගේ පරමාර්ථ මෙසේය-

  • අන්තර් ජාතික සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීම.
  • ජනතාවගේ ස්වයංතීරණ හා සමාන අයිතවාසිකම් පිළිබද මුලධර්මයට ගරු කිරීම මත පදනම්ව ජාතින් අතර මිත්‍ර සම්බන්ධතා සංවර්ධනය කිරීම.
  • අන්තර් ජාතික ආර්ථික සහ සමාජයීය ,සංස්කෘතික ,මානුෂවාදී ගැටළු නිරාකරණය ෂ මානව අයිතිවසිකම්හාණන් වැදෑරුම් නිදහස ප්‍රවර්දනය පිණිස සහයෝගයෙන් ක්‍රියාකිර

මුලධර්ම -

            -සියලු සාමාජිකයන්ගේ ස්වෛරීබව හා සමානාත්මතාවය

            -සාමාජිකයන් මනා කැපවීමෙන් වගකීම් ඉටු කිරීම අන්තර් ජාතික ආරවුල් සමථකරණය

            -බලය යෙදවීම හෝ එබවට තර්ජනය කිරීමෙන් වැලකි සිටීම

            - ප්‍රඥප්තියේ  කටයුතුවලට සහයෝගය දීම.

1945දි සාමාජී රාජ්‍යයන් 51 කින් ආරම්බවූ මෙහි වත්මන් සාමාජික සංක්‍යාව 193  කි.ශ්‍රී ලංකාව මෙහි සාමාජිකත්වයලබාගත්තේ 1955 දෙසම්බෙර් 14 වැනිදාය.

            සංවිධාන ව්‍යූහය

 

එක්සත් ජාතීන්ගේ සංවිධානය මුලික ආයතන 6 කින් යුක්තවේ එනම් -

  • මහා මණ්ඩලය
  • ආරක්ෂක මණ්ඩලය
  • භාරකාර මණ්ඩලය
  • ආර්ථික හා සමාජීය මණ්ඩලය
  • අන්තර් ජාතික අධිකරණය
  • මහා ලේකම් කාර්යාලය

මෙහි ආර්ථික හා සමාජීය මණ්ඩලය යටතේ අනුබද්ධ ආයතන 17 ක් තිබෙන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට තවත් මණ්ඩල හා වැඩසටහන් ගණනාවක් තිබේ.

මතු සම්බන්ධයි ..

 

-චාරිකා ධර්මවර්ධන