Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

Trump

ට්‍රම්ප් ,ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත්වූවා පමණි .එකපිට එක තීන්දු ප්‍රකාශයට පත්විය .ඇමරිකවේ මුස්ලිම් තහනම ගැන කතාකළේය .සිරියාවේ සරණාගතයන් ඇමරිකාවට භාර නොගෙන ආපසු හරවා යැවීමට නියෝග කළේය .විදෙස් රටවල උපන් ඇමරිකාවේ පුරවැසියන්ට රටින් පිටවීම තහනම් කළේය .අසල්වැසි මෙක්සිකෝවට දේශසීමා තාප්ප්පයක් බැදීමට මුදල් යොදවන්නැයි කිවේය .චීනය සමග යුද්ධයකට සුදානම් වනබව පැවසිය. උතුරු කොරියාවට මිසයිල අත්හදාබැලීම් නවත්වන්නැයි නියෝග කළේය .මේ වගේ තව තවත් බොහෝදෙ කියා තිබේ .

දැන් මේ හැම එකකම තේරුම වන්නේ දැන් ඇමරිකාව සහජීවනයෙන් ඉවත්වී සිටින බවය ,ලෝකෙට ලොක්කා මන් ... එනිසා මන් කියනදේ කරපල්ලා ...වගෙය .

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිට පළමු උත්තරය ලැබුනේ කොරියාවෙන්ය .උතුරු කොරියාවට මිසයිල අත්හදාබැලීම් නවත්වන්නැයි කීවිට උතරු කොරියන් නායකයා කියා සිටියේ තමන් කෙලින්ම ඇමරිකාවට විදීමට හැකි බැලස්ටික් මිසයිල මේවනවිටත් අත්හදා බලා ඉවර බවය ,ඊට සැලකිය යුතු ප්‍රතිචාරයක් දැක්වීමට ට්‍රම්ප් අපොහොසත් විය 

ට්‍රම්ප්ගේ දෙවෙනි තර්ජනය එල්ලවූයේ මෙක්සිකොවටය .දෙරටේ දේශ සීමාව සඳහා තාප්පයක් ඉදිකිරීමේ සැලැස්ම ඔහු විසින් ඉදිරිපත් කළේය .පිළිතුර ඉතා පැහැදිලිවිය .ට්‍රම්ප්ගේ තාපයට තමන් කිසිදු මුදලක් වයනොකරන බව මෙක්සිකෝවේ රාජ්‍යනායකයා ප්‍රකාශ කළේය .මෙක්සිකෝව ජනපතිවරණ ප්‍රතිපල නිකුත්කළ අවස්ථාවේ සිටම බියට පත්විය සිය ඇමරිකානු දේශසීමාව වසාදැමීමට මෙක්සිකෝව වහා පියවර ගනු ලැබිය .

මේ ජනපතිගේ තවත් බරපතල තර්ජනයක් වුයේ ඇමරිකාව මුස්ලිම් වරුන්ට තහනම් කරනබවය .ඊට පිළිතුරු දුන් ඇමරිකානුවන් ගණනාවක් විසින් පවසා ඇත්තේ එසේ කළහොත් තමන් මුස්ලිම් ආගම වැළඳ ගන්නා බවය 

දැනට තිබෙන අවසන් තර්ජනය චිනයටය .සිය සාගර දේශසීමාවට ඇතුළුවූ ඇමරිකානු නෞකාවක් චීනය විසින් අත් අඩංගුවට ගනු ලැබිය .මෙසිද්ධිය සමග ට්‍රම්ප්ගේ සුපුරුදු තර්ජනය චීනයට එල්ලවිය .දැන් චීනයේ දුරදිග මිසයිල දකුණු දේශ සීමාව අසලට ගෙනවිත් තිබේ .එහි තේරුම චීනය ඇමරිකානු ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් සිටින බවය .චීන ඇමරිකා යුද්ධයක් ඇතිවීමට ආසන්න තත්වයක් පවතින බව චීනයේ ආරක්ෂක අංශ ප්‍රධානියෙකු විසින් පසුගුයදා ප්‍රකාශයට පත්කරනු ලැබිය .

ඇමරිකාවේ ජනපති ඩුරයට ට්‍රම්ප් පත්වීමත් සමග යුරෝපා රාජ්‍යයන්ද ඇමරිකාවේ සතුරන් බවට පත්වීමේ ලකුණු පෙන්වනු ලැබිය .ජර්මනිය ඒ අතරින් ප්‍රමුකය ,දැන් ඇමරිකාව උතුරු අත්ලාන්තික් වෙළඳ ගිවිසුමෙන්ද ඉල්ලා අස්වී තිබේ .එයද ට්‍රම්ප් ගේ තීරණයකි .

දැන් ජාත්‍යන්තර සම්බන්දතා විශාරදයන් පවසන්නේ ඩොනල්ඩ් ටම්ප්ගේ විදේශ පිළිවෙත කුමක්දැයි සිතාගැනීමට නොහැකි බවය .ඇමරිකාවේ විදේශ පිළිවෙත එක එක අවදිවල සිටි ජනාධිපති වරුන්ගේ නම්වලින් පැවතියද එය දිගුකාලින ඉලක්ක පදනම් කරගෙන ක්‍රියාත්මක වෙන්නෙකි .එක ජනපති වරයෙකුට එය වෙනස් කිරීමට නොහැකිය .මේ වතාවේ ඇමරිකානුවන් ට්‍රම්ප් තෝරාගත්තේ ඇමරිකානු ගොල්ඔය අධිරාජ්‍යවාදීන අපේක්ෂා පරිසමාප්තියට ගෙන ඒමටද යන ප්‍රශ්නය පන නැගී .නමුත් ට්‍රම්ප් ගේ දිනුම බොහෝ දෙනා කියන ආකාරයේ කොම්පියුටර් ජිල්මාට් එකක් වී නම් තක්සේරුව වෙනස් කල යුතුව තිබේ .

කෙසේ නමුත් ඇමරිකාවට ලෝකයුද්ධයක් මෙහෙයවීමට හැකිද යන්න තවත් ප්‍රශ්නයකි .යුද්ධ බලය ඉතා ඉහල මටටමක පැවතියද ඇමරිකාවේ ආර්ථිකය එබන්දකට ඔරොත්තු දෙන්නේ ද යන්න ගැටලුවකි .ඇමරිකාව ඇතුළු යුරෝපා ආර්ථිකයන්ගේ කඩාවැටීම දැන් කලක් සිට සිදුවෙමින් පවතී .මේ නිසා සිදුවිය හැක්කේ ,ට්‍රම්ප්ගේ තර්ජන පුස්සක් බවට පත් වීමය